හොරොන් කහ ගෙනා ඉන්දියානුවන් හිස් අතින් ආපසු යවයි


(රොමේෂ් මධුෂංඛ)

ඉන්දියාවේ ගෙනා වියලි කහ කිලෝ 2790 ක් සහ එනසාල් කිලෝ 803 ක් සමගින් ඉන්දීය ජාතිකයන් 12 දෙනකු කුදිරමලෙයි මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

වයඹ නාවික විධානයට අයත් සෙ‍බළුන් පිරිසක්  කුදිරමලෙයි මුහුදු තීරයේදී සිදු කරන ලද සෝදිසියකදී සැකකටයුතු යාත්‍රාවන් දෙකක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සිදු කරන ලද පරික්ෂාවකදී අදාල කහ සහ එනසාල් තොගය අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී එක් යාත්‍රාවක් තුල තිබී උර 425 ක තිබී එනසාල් කිලෝ 425ක් සමගින් ඉන්දීය ජාතිකයින් 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගනු ලැබීය.

තවත් යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී එහි උර 93 ක අසුරා තිබූ කහ කිලෝ 2790 ක් සහ මලු 16 ක අසුරනලද එනසාල් කිලෝ 378 ක ප්‍රමාණයක් සමගින් ඉන්දීය ජාතිකයන් 05 දෙනකු නාවික හමුදා බාරයට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් කහ සහ එනසාල් තොගයන් විෂබීජහරනය කිරීමෙන් පසුව ඉදිරි නීතිමය පියවර සඳහා නාවික හමුදා බාරයේ තබාගත් අතර අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් ඉන්දියාවේ පවතින දැඩි කොවීඩ් අවධානම හේතුවෙන් නැවත අදාල යාත්‍රාවලින්ම ඉන්දියාවටවම යැවීමට කටයුතු කළ බවට නාවික හමුදාවපවසයි.