හෝමාගම රෝහල කොරෝනා ප්‍රතිකාරවලට යොදාගන්නවාට විරෝධය


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හෝමාගම මූලික රෝහල යළි කොරෝනා ප්‍රතිකාර සඳහා යෙදාගන්නා රෝහලක් ලෙස භාවිතා කිරීමට එරෙහිව අද(14) උදෑසන රෝහල ඉදිරිපිට හා ඒ අවට විරෝධතා වැකි සඳහන් පෝස්ටර් අලවා තිබෙනු දක්නට ලැබුණි.

'දිනකට 4000ක් බෙහෙත් ගන්නා රෝහල වසා දැමීම සාධාරණද', 'ජනතාවනි අපේ රෝහල බේරාගැනීමට පෙළගැසෙමු', 'කොරෝනා රෝහලක් බවට පත්කිරීමෙන් රෝහල් අධිකාරීගේ මඩිය තර වේද?'  වැනි වැකි සඳහන් විරෝධතා පෝස්ටර් රෝහල ඉදිරිපිට සහ ඒ අවට ස්ථාන රැසක ප්‍රදර්ශනය කර තිබිණි.

පසුව එහි පැමිණි පොලිසිය ඒවා ඉවත් කිරීමට පියවර ගත්තේය.