ෆොන්සේකාට එරෙහිව උද්ඝෝෂණයක්


(බී.ජී. චතුරංග)

මව්බිම අස්ථාවර කිරීමේ මූලාරම්භය මේ වන විට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා දියත් කර ඇති බව පවසමින් සහ එයට විරෝධය පළ කරමින්, රණවිරු සහයෝගීතා එකමුතුව අනුරාධපුර නව බස්නැවතුම්පොළේදී අද (10)  උද්ඝෝෂණයක් කළේය.

රණවිරුවන් 29000ක් දිවි පුදා 14000කට වැඩි පිරිසක් ආබාධිත තත්ත්වයට පත්ව, නිදහස් කරගත් මේ මව්බිම අස්ථාවර කිරීමේ මූලාරම්භය මේ වන විට ෆොන්සේකා මහතා දියත් කර ඇතැයි විරෝධතාකරුවෝ පැවසූහ.

විරෝධතාකරුවෝ දැඩි වර්ෂාව මධ්‍යයේ විරෝධතාවයේ නිරත වූහ.

දශක තුනක යුද්ධයේ මතකයන් මැකී යාමට ප්‍රථම සියළු රණවිරුවන් අපරාධකරුවන් කරමින් විදේශ බලවේග හා එන්.ජී.ඕ සංවිධාන හරහා වීරෝධාර රණවිරුවන් පාවා දීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇතැයි උද්ඝෝෂකයෝ පැවසූහ.