‘ඉන්න හිතෙන රටකට’ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වේ


අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් රචිත ‘ඉන්න හිතෙන රටකට, ජාතියේ ඉදිරි මග සඳහා වූ විමසුම හා පිවිසුම’ නමැති ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද සිදු කෙරිණ.

මෙරට විවිධ වෘත්තීන් නියෝජනය කරමින් වෘත්තීකයන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටි අතර අමාත්‍යවරයා ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් පිටපත මෙරට විවිධ ජන වර්ග නියෝජනය කරන සිසු දරු දැරියන් පිරිසකට පිළිගන්වීය.

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)