‘කොරෝනා‘ තුරන් කරන්නට කිරිඅම්මාවරුන්ගේ දානයක්


(සඳලංකාව-හේමලතා ඩී හේවගේ)                                        

ලොවපුරා පැතිරීගිය කොරෝනා වසන්ගතය මෙරටින් තුරන්කර දෙන ලෙස නවගමුව දේවාලයේ පත්තිනි මෑණියන්ට මාකඳුර ප්‍රදේශවාසීන් විසින් වූ බාරයක් ඔප්පුකරමින් කිරි අම්මාවරු 100 දෙනෙකු උදෙසා පවත්වන ලද දානමය පිංකම අද (29) අඵයම කජුවත්ත ක්‍රීඩාංගණයේදී සිදුකරනු ලැබීය.                               

මෙයට සමගාමීව මාකඳුර ශ්‍රී සරණන්කරාරාම විහාරවාසී මඩුගල්ලේ මහානාහිමියෝ ඊයේ  (28) රාත්‍රී ධර්ම දේශනා පිංකමක්ද පැවැත්වූහ.
                                                                   
ලිවේනී මහනාම මහත්මියගේ මැදිහත්වීම මත මාකඳුර ග්‍රාමසේවා වසම් දෙකෙහි ජනතාවගේ මූල්‍යමය හා ශ්‍රම දායකත්වය ඇතිව සංවිධානය කළ මෙම කිරි අම්මාවරුන්ගේ දානය පොඩිමැණිකේ සහ විමලාවතී කිරි අම්මාවරුන් දෙපළ විසින් මෙහෙයවනු ලැබීය.
                                                          
මෙම අවස්ථාවට නැදලගමුව රාහුල කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති එස්.එම්. සමරරත්න මහතාද, ඉහළ මාකඳුර වසමේ ග්‍රාමනිලධාරි නිශා ලක්ෂිකා මහත්මිය ඇතුඵ ප්‍රදේශවාසිහු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.