‘ගම්පහ රෝහල අනාරක්ෂිතයි‘ වෛද්‍යවරු සහ කාර්යමණ්ඩලය විරෝධතාවක


 

( තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි  විදුලි සෝපානය කඩා වැටීම නිසා ඇති වු තත්ත්වය හේතුවෙන් රෝහලේ පවතින අනාරක්ෂිත තත්ත්වය  නිසා රෝගීන්ට තවදුරටත් ප්‍රතිකාර කිරීමට නොහැකි බව පවසා වෛද්‍යවරුන් ඇතුළු සමස්ත රෝහල්කාර්ය මණ්ඩලය අද (9) පෙරවරුවේ සිට  වැඩ වර්ජනයක් ආරම්භ කොට ඇත.

රෝහලෙහි විදුලිය නිතර නිතර බිද වැටීම, ජෙනරේටරය  නිසි  ලෙස ක්‍රියාත්මක නොවීම් මෙන්ම විදුලි සෝපානය නිතර අක්‍රීයවීම වැනි තත්ත්වයක් පැවතියද , පුද්ගලයෙකු මිය යන තුරු මේ වෙනුවෙන් ස්ථිර විසදුමක් ලබා නොදීමට එරෙහිව විරෝධය පළ කරමින් සහ රෝගීන්ගේ හා කාර්ය මණ්ඩලයෙහි ජීවිත ආරක්ෂාව පතා කඩිනම් විසදුමක්  ලබා දෙන ලෙස ඉල්ලා ඔවුහු මෙම වර්ජනය ආරම්භ කර ඇත.