‘ගම්පෙරළිය‘ අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඇරැඹේ


(අංජුල මහික වීරරත්න)


යහපාලන  ජාතික රජයේ ‘2025 පෙහොසත් රටක්‘ සැලැස්මට අනුව  ක්‍රියාත්මක ‘ගම්පෙරළිය‘ ජාතික වැඩසටහන  අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  කොටවෙහෙර කණුකැටිය මුඩුත්තව  වැව් තාවුල්ලේදී  අද (15) පැවැත්විණි.


ගම්පෙරළිය වැඩසටහන අරඹමින් මුඩුත්තව වැව පිළිසකර කිරීම ඇරැඹූණේ අගමැති රනිල් වික්‍රමසිංහ  මුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්වරුන් ප්‍රමුඛ  මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙනි.
ගම්පෙරළිය වැඩසටහන යටතේ  ග්‍රාමීය ආර්ථිකය නැංවීම සඳහා   ආර්ථික යටිතල පහසුකම් සංවර්ධන ,ගමේ සමාජ, සංස්කෘතිය ජීවිතය ගොඩනැඟීම සිදු කරයි.


මුදල් අමාත්‍යංශය මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා  සෑම ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාසයක් සඳහාම රුපියල් මිලියන 200 ක් ලබා දීමට නියමිතය.


ගම්පෙරළිය වැඩසටහන සමඟ ක්‍රියාත්මක කරන එන්ටප්‍රයිසස්  ශ්‍රී ලංකා  වැඩසටහන ඇරැඹීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නිකවරටියේදී අද (15) ආරම්භ කෙරිණි.


ගමේ තරුණ  ව්‍යවසායකත්වයින්ට අත දී ඔවුන්ගේ ව්‍යාපාර ශක්තිමත් කිරීමට අත දීම මෙම වැඩසටහනෙහි අරමුණයි.

ඡායාරූප - චතුර එස් කොඩිකාර