‘ගොවිජන මන්දිර’ විවෘත කරයි


මහවැලි කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය බත්තරමුල්ල ‘ගොවිජන මන්දිර’ ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරිමේ උත්සවය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) පැවැත්විණි.

රාජ්‍ය සම්පත් සකසුරුවම් ලෙස භාවිතා කර වියදම් අඩුකර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයට අනුව මෙම ගොඩනැගිල්ල ඉදිකෙරිණි.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් සමරුඵලකය විවෘත කිරිම සිදුකරනු ලැබිණි.

 

ඡායාරූප - ගයාන් අමරසේකර