‘ගෝඨා‘ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගනී


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රි මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තේය.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ විශේෂ ආශිර්වාදය ලබා ගත් ගෝඨාභය මහතා වෙනුවෙන් මහා සංඝරත්නය විසින්   ජයශ්‍රි මහා බෝධීන් වහන්සේ පරිශ්‍රයේ පැවැත්වූ  සෙත් පිරිතකද සහභාගී වුවේය.

 විපක්ෂනායක මහින්ද රාජපක්‍ෂ , ශිරන්ති රාජපක්‍ෂ , අනෝමා රාජපක්‍ යන මහත්ම මහත්මීන් ඇතුළු රාජපක්‍ෂ පවුලේ ඥාතීන් ද විපක්ෂයේ  පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරුන්‌ පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
 
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා