‘ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා ජේ.ආර් යුගයේ නොපළ කතා‘ කෘතිය එළිදකී


(නාලක සංජීව දහනායක)

මෙරට පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ මුණුපුරා විසින් රචිත ‘ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා  ජේ.ආර් යුගයේ නොපල කතා‘ කෘතිය හා මාධ්‍යවේදී සාගරිකා දිසානායක මහත්මිය විසින් රචිත ‘එලීනා ජයවර්ධන චරිත කතා‘ කෘති ද්විත්වය එළිදැක්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (29) පැවැත්විණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , පරිසර අමාත්‍ය මහින්ද අමරවීර , පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් , තිස්ස අත්තනායක , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නවීන් දිසානායක , වජිර අබේවර්ධන , තිලංග සුමතිපාල යන  මහත්වරුන්ද ජයවර්ධන පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)