‘ලිපිටන් සීට්’ මඟ ද‍ෙපස රෝජා මලින් හැඩව‍ෙයි


නිශාන්ත කුමාර සහ  කේ ඩී රත්න 
  
ඌව පළාතේ සංචාරය සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් බොහෝ දෙනෙකු  හපුතලේ පුනාගල ප්‍රදේශයේ  පිහිටි සුන්දර ඉසව්වක් වන  ‘ලිප්ටන් සීට්’  නම් වූ සුන්දර ඉසව්ව දැක බලා ගැනීමට  ද අමතක නොකරති.


එක තැනක සිට දිවයිනේ පළාත් පහක් පහසුවෙන් දැකගැනීමට  හැකිවීම, පවත්නා සෞම්‍ය දේශගුණය, නිරතුරුව මිහිදුමින් වැසී ගිය කඳුවැටියක් මත පිහිටි ලිප්ටන් සීට්  දහස් සංඛ්‍යාත සංචාරක මධ්‍යස්ථානයකි.


මේ දිනවල ලිප්ටන් සීට් වෙත පිවිසෙන මාර්ගය අතරතුර පිහිටි පතන් බිමක  පිපී ඇති ලූණු මල් හෙවත් රෝජා මල් යාය එහි පැමිණෙන සංචාරකයින්ට අපුරු අත් දැකීමකි.


වතුකරයේ ජනතාව  මෙම මල් ‘‘වෙසමුණියා මල් ‘‘ ලෙස ද හඳුන්වති. එක යායට රෝස පැහැයෙන් පිපී ඇති මෙම මල් ගස්වල පත්‍ර දක්නට නොලැබීම ද විශේෂත්වයකි.