‘සිබිල් නැන්දාගේ’ දේහය ජයරත්න මල්ශාලාවට


(ඉෂාන් සංජීව)

අභාවප‍්‍රාප්ත, ප‍්‍රවීණ ළමා කතා ලේඛිකාවක සහ චිත‍්‍ර ශිල්පිනියක වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත.

ප‍්‍රවීණ ළමා කතන්දර ලේඛිකාවක සහ චිත‍්‍ර ශිල්පිනියක වූ සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප‍්‍රාප්ත වන විට 93 වන වියේ පසු වූවාය. දින කිහිපයක් කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලැබූ සිබිල් වෙත්තසිංහ මහත්මිය පෙරේදා (30) රාති‍්‍රයේ අභාවප‍්‍රාප්ත වූවාය.

'සිබිල් නැන්දා' ලෙස ළමුන් අතර ප‍්‍රසිද්ධ වූ ඇය, පුදුම පළිඟුව (Wonder Crystal) ළමා කෘතිය අවසානයන් 20,000 ක් සහිතව රචනා කළේ ගිනස් වාර්තාවක්ද තබමිනි. ඇය රචනා කළ ළමා ග‍්‍රන්ථ ප‍්‍රමාණය 250කට අධිකය.

සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (03) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.