‘සීගිරිය පිටත දිය අගලට අපජලය මුදාහැරෙයි‘


(කාංචන කුමාර ආරියදාස)

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිගිරියේ  කාර්යාල ආපනශාලාවෙන් හා සේවක නේවාසිකාගාරවලින් ඉවත් කරන  අපජලය සිගිරිය පිටත දිය අගලට හරවා ඇති ආකාරය දැකගැනීමට හැකිය .

පොළොව යටින් වැසිකිළි අසලින් විශාල බටයක් දමා මේ අප ජලය පිටත දිය අගලට හරවා ඇත.
සංචාරකයන් බහුලව මේ ස්ථානයේ ගැවසෙන අතර දෙස් විදෙස් සංචාරකයන් සදහා ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලබන්නේද මේ ස්ථානයේය .

පිටත දිය අගල දැඩි ලෙස කළු පැහ ගැන්වී දැඩි දුර්ගන්දයක්ද පවතී .මෙහි සේවකයන් පැවසුවේ අපජලය මෙන්ම වැසිකිළි අපජලයද එම බටෙන්ම දිය අගලට මුදා හරින බවය .

එමෙන්ම සිගිරිය නගරය ආසන්නයේ දැඩි අපිරිසිදුකමක් පවතින බවත් හිස් අරක්කු හා බිර බෝතල් බීර ටින් තැන තැන විශාල වශයෙන් දැමීම නිසා සීගිරිය දර්ශනයට අසුන්දරයක් එක්කරන බව දෙස් විදෙස් සංචාරකයෝ පෙන්වා දෙති .

මේ අපජලය මුදාහැරිම පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිගිරියේ ව්‍යාපෘති කළමනාකරු එච් .ඩී .මෙත්තානාන්ද මහතාගෙන් හා ආරක්ෂක අංශයෙන් විමසීමේදී පැවසුවේ එවැනි අපජලය හෝ වැසිකිළි ජලය පිටත දිය අගලට මුදා හැරීමක් නොවන බවයි .