‘‘විමංසාව‘‘සම්භාවනා මාධ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගනී


(අමිල චින්තක ගමගේ)

කොළඹ ආනන්ද විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමය හත්වන වරටත් සංවිධානය කළ ‘‘ආනඳ පැහැසරණිය‘‘ සාහිත්‍ය කලා මහෝත්සවයේ සම්භාවනා මාධ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගැනීමට ලංකාදිප පුවත් පතේ “විමංසා සාහිත්‍ය අතිරේකය“ සමත් විය.

ආනන්ද විද්‍යාලයීය දරුවන් හා සෙසු පාසල්වල දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් සාහිත්‍ය තරඟාවලියක්ද සංවිධානය කර තිබූ අතර එහි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිණි.

සම්මාන ප්‍රධානයේදී අදහස් දැක්වූ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස්.එම්.කීර්තිරත්න මහතා සඳහන් කළේ තාක්ෂණය ප්‍රමුඛ වී ඇති කාලයක මානවයා හා සාහිත්‍ය අතර ඇති කේන්ද්‍රීය සබඳතාව මත හා සහෘද සුභාවිතය තව තවත් ප්‍රවර්ධනය කිරීමේ අභිලාශයෙන් “අනඳ පැහැසරණිය“සාහිත්‍ය කලා මහෝත්සවය අඛණ්ඩව සංවිධානය කරන බවයි.

ඡායාරූප - ළහිරු හර්ෂණ