’කොරෝනා’ පීඩිතයන්ට සෙත් පතා ගංගාරාමයේ බෝධිපූජාවක්


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

කොරෝනා වයිරසයෙන්  පීඩා විඳින චීනය, ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකවාසී ජනතාව වෙත ආශීර්වාද කිරීමේ අරමුණින් විශේෂ බෝධි පූජාවක් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාස්ථානයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකා චීන ජන මාධ්‍යවේදීන්ගේ සංසදය මෙම බෝධිපූජා පිංකම සංවිධානය කර තිබිණි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.