’බුරවී’ ගේ බලපෑමෙන් පුත්තලම කළපුවේ ජලය ගොඩබිමට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ )


බුරවී සුළි කුණාටුවේ බලපෑමෙන් පුත්තලම නගරයේ සිට මුල්ලිපුරම් දක්වා, කලපු මාර්ග ආසන්නයට පුත්තලම කලපුව ගොඩබිමට ගලා විත් තිබේ.

මේ හේතුවෙන් නිවාස රැසකටද ජලය ගලා විත් ඇත.

බුරවී සුළි කුණාටුව හේතුවෙන් ඊයේ (2) සවස සිට කලපුවේ රළ සැර වි තිබු බව ධිවරයින් පවසයි.

මේ හේතුවෙන් ‍ධිවරයින් කලපු තිරයේ ගාල් කර තිබු එන්ජීන් ධිවර යාත්‍රා , තෙප්පන්, හා ඔරු මුල්ලිපුරම් මාර්ගය දෙපසට රැගෙන විත් ආරක්ෂීතව ගාල් කර තැබිමට ධිවරයින් කටයුතු කර තිබේ.

ඒ සමගම කළපු තිරයේ මුල්ලිපුරම් මාර්ගයේ කොටසකටද ජලය ගලා විත් ගමනාගමනයට සුළු බාධාවන් එල්ල වි තිබු බව ජනතාව පවසයි.

ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ

ඡායාරූප - එච්. චන්දන