’යුක්තියේ ජනහඬ’ ගාල්ලේ රැළිය ඇරඹේ



 
 
 (ජේ.කේ.එල් චාමින්ද)
 
එක්සත් ජාතික පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන ඒකාධිපති වියරුව පලවාහරින විරෝධතාවය හා යුක්තියේ ජනහඬ ජනතා රැළිය ගාල්ල නගරයේ දී අද (3) ආරම්භ කෙරිණි.


පෙළපාළි දෙකකින් ගාලු නගරයට පැමිණි විරෝධතාකරුවෝ ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටින් විරෝධතාවය ඇරඹුහ.

 
හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා විසින්  පළමුව මෙකී ජනතා රැළිය ආමන්ත්‍රණය කරනු ලැබීය.


කරන්දෙණිය ආසනයේ හිටපු ශ්‍රිලනි පක්ෂ සංවිධායක හා හිටපු ඇමැති ගුණරත්න විරකොන් මහතා ද  මෙකී ජනරැළියට එක්ව සිටීම විශේෂත්වයකි.