’’අනඳ ප්‍රතිභා’’ 2018 ප්‍රසංගය නව වන වරටත්


දේශීය නර්තන සම්ප්‍රදාය සුරකිමින් කොළඹ  ආනන්ද  විද්‍යාලයේ  සිසු දරුවන්ගේ  කුසලතා  වැඩි දියුණු කිරීම අරමුණු කරගනිමින්  වාර්ෂිකව සංවිධානය කරණු ලබන  "අනඳ ප්‍රතිභා"  2018  සංස්කෘතික  නර්තන ප්‍රසංගය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (28) පැවැත්විය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති  එස්.එම් කීර්තිරත්න මහතාගේ  මගපෙන්වීම හා උපදෙස් මත එම විද්‍යාලයේ සිසු පිරිස සහ නර්තන කවය  එක්ව 09  වන වරටත්  සංවිධානය කළ මෙම ප්‍රසංගය කලාශූරී රවිබන්දු   විද්‍යාපති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

ඡායාරූප - චතුර එස් .කොඩිකාර