’’සරුසාර කිතුලයි - තිරසාර රටයි’’ ජනපති අතට


(සුජිත් හේවාජුලිගේ )

"සරුසාර කිතුලයි - තිරසාර රටයි” යන තේමාව රැගත් කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමන් මග කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් ජනාධිපතිවරයාට අද පිළිගන්වනු ලැබීය.

ගාල්ල අක්මීමන හියාරේ ජලාශය අසලදී මෙම උත්සවය අද පැවැත්විණ.

කිතුල් පැණි නිෂ්පාදනය සඳහාවූ “ප්‍රමිති සහතිකය” අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබීය.

වැවිලි කර්මාන්ත පුහුණු ආයතනය වෙතින් කිතුල් මල් මැදීම පිළිබඳ පුහුණුව ලැබූ තිදෙනකුට සහතික පත් සහ තාක්ෂණික උපකරණ ප්‍රදානය ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු කෙරිණ.