මෙවර 'Youth Peak' විශේෂාංගයෙන් සඳැල්ලෙන් ඉඩක් වෙන් කළේ යොවුන් පරපුරේ නැඟී එන ජනප්‍රිය රංගන ශිල්පියෙක් වෙනුවෙන්... ඔහු නමින්, අශාන් ධනංජය .
- අශාන් ඔබ ගැන විස්තර ටිකක් කියමු ?
මගෙ නම අශාන් ධනංජය විජේසූරිය.ගම නුවර. ඒත් දැන් වැඩත් එක්ක වැඩියෙන් ඉන්නෙ කොළඹ. අම්මා, අප්පච්චි, මල්ලි, අත්තම්මා එක්ක තමයි මගෙ කාලය ගෙවෙන්නෙ.
- මේ දවස්වල මොකද කරන්නෙ ?
ඉගෙනීම් කටයුතු එක්ක අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න ගමන්, චිත්‍රපට කිහිපයක රූගතකිරීම් ආරම්භ කරන්න බලාගෙන ඉන්නවා.
- ඔබ දැනට දායක වුණ නිර්මාණ සහ ඒ සම්බන්ධ ඔබේ අත්දැකීම් කතා කළොත් ?
සහභාගී වුණ නිර්මාණ සියල්ලගෙන් ම ලැබුණු අත්දැකීම්වල එකතුවත් එක්ක මට මගේ තියන අඩුපාඩූ හා හොඳ දේවල් කිහිපයක් අඳුනගන්න පුළුවන් වුණා. ඒ ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන් කාරණාවක් තමයි අඩූ පාඩූ අඳුනගන්නවත් එක්ක ම ඒ නිර්මාණ තුළින් ලැබෙන අත්දැකීම් මඟින් ඒ අඩුපාඩූ හදාගන්නත් අවස්ථාව ලැබීම. ඇත්තට ම ඒ අත්දැකීම් නළුවෙකුට ගොඩක් වටිනවා සහ විෂයයක් විදිහට කාලාව ගැන හදාරන දෙවල් එක්ක නිර්මාණවලට දායක වෙලා ලබන අත්දැකීම් එක්ක මම හිතනවා අපි තව තවත් ඔපමට්ටම් වෙනවා කියලා.
- ආදරේ ගැන මොකද හිතන්නෙ ?
මට අනුව ආදරය කියන්නේ හැමෝටම පොදු හැඟීමක්. හැබැයි ඒ හැඟීම කෙනෙකුගෙන් තවත් කෙනෙකුට ඇති වෙන්නෙ ඒ ඒ අයට සාපේක්ෂ හේතූන් මත. ඒ හේතුවේ ප්‍රබලත්වය මත ඒ ආදරයේ ශක්තිමත් බව රඳා පවතිනවා. ඉතින් ආදරය කියන්නේ අපි හැමෝට ම අවශ්‍ය දෙයක් කියලා මම හිතනව. ඉතින් ආදරය කියන එක විඳින්න නම් ඒකට නිර්වචන නොදී ආදරය කරන එක හොඳයි. මොකද එකිනෙකාට සාපේක්ෂ දෙයකට නිර්වචන දෙන්න ගියොත් ඒක අසාධාරණයි. සරල ව ආදරය කියන්නේ හොඳ දෙයක්.
- ලංකාවෙ පුංචි තිරය ගත්තම දැනට නිර්මාණය වන කලා නිර්මාණ පිළිබඳ ඔබේ අදහස කොහොමද ?
පුංචි තිරය හොඳයි. මෑතක දී හොඳ vision එකක් සහිත නිර්මාණ කිහිපයක් දැක්කා. මම හිතනවා නිර්මාණකරුවන්ට ලැබෙන නිදහස වැඩි වෙන තරමට පුංචි තිරයේ ඉදිරියට එන නිර්මාණවල ගුණාත්මක බවත් වැඩිවෙයි කියලා. මට අනුව පුංචි තිරයත් එක්ක එකතූ වෙලා සිටින ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් ලොකූ වගකීමක් තියෙනවා මේක හොඳ දිශාවකට හරවන්න. මොකද මම පෞද්ගලිකව දන්න කාරණාවක් ලංකාවේ tv series කියන දේ ජාත්‍යන්තරයට ගෙන යන්න පුළුවන් හැකියාව තියන නිර්මාණකරුවන් ඉන්නවා. හොඳ නිර්මාණයක් එළියට දාන එක නිර්මාණකරුවෙකු සතු වගකීමක් සහා ඒ නිර්මාණ කොච්චර දුරක් ගෙනයනවද කියන එක තීරණය කරන්නේ ප්‍රේක්ෂකයො. ඉතින් මන් හිතනවා නුදුරේදීම නිර්මාණකරුවන් හා බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ගේ එකතුවෙන් ලංකාවෙ නිර්මාණ ජාත්‍යන්තර තලයට රැගෙන යා හැකි මට්ටමකට එයි කියලා. මේ දේ මම අදහස් කරන්නෙ television හා සිනමාව කියන දෙකට ම පොදුවේ.
- ඔබේ කලා කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය සහ ඉදිරි අරමුණු ගැන කතා කළොත් ?
ඉතාමත් ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මා අප්පච්චි මල්ලී අත්තම්මා ලොකුඅත්තා අතුළු මගෙ පවුලේ හැමෝගෙන් ම ලොකූ සහයෝගයක් ලැබෙනවා. මං ගොඩක් වාසනාවන්තයි ඒක ලබන්න. සැලසුම් කීපයක් එක්ක මේ දවස්වල වැඩ කරගෙන යනවා. කලා කටයුතු සහ අධ්‍යාපනය පැත්තෙන් ඉස්සරහට ම යන ගමන් සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තමයි මගෙ බලාපොරොත්තුව.
ජනිත් මධුරංග