ඉන්දියාවේ කලා ක්ෂේත්‍රම් හි උපාධිධාරි නර්තන ශිල්පිනියක වන ඇය, අද දවසේදී මෙරට බොහෝ දෙනා අතර ජනප්‍රිය නර්තන ගුරුවරියක ලෙස හා නර්තන රියැලිටි වැඩසටහන්වල විනිසුරුවරියක ලෙස ආදරයට පාත්‍ර වී සිටින්නීය. ඇය විසින් තමන්ගේ ශිෂ්‍යාවන් සමඟ මේ දිනවල අලුත් වැඩකට අත ගසා තිබේ. ඒ, “අභිනය නර්තන – 8” ප්‍රසංගය කරළියට ගෙන ඒමටය. මේ ප්‍රවීණ නර්තන ශිල්පිනිය හා ගුරුවරිය නමින්, ප්‍රදීපා ආරියවංශ වන්නීය.
ඇයගේ ප්‍රදීපා ආරියවංශ ඇකඩමිය මගින් සංවිධාන කරන මෙම “අභිනය නර්තන – 8” ප්‍රසංගය 29 වැනිදා පස්වරු 6.00ට මහරගම ජාතික අධ්‍යාපන පීඨයේදී පැවැත්වේ. මෙහිදී ඇයගේ මහරගම, පිළියන්දල, තලවතුගොඩ, මීගමුව හා කිරිබත්ගොඩ ප්‍රදේශවල තිබෙන ප්‍රදීපා ආරියවංශ ඇකඩමිවල නර්තනය ඉගෙන ගන්නා ශිෂ්‍යාවන් 200කට අධික සංඛ්‍යාවක් විවිධ නර්තන ශෛලින් වෙනුවෙන් දක්ෂතා එළිදක්වති. ප්‍රසංගය පිළිබඳව ප්‍රදීපා ‘සඳැල්ල’ට පැවැසුවේ මෙවැනි අදහසකි.
“අපට යමක් දෙන්න ඉස්සෙල්ලා අපි අපේම දේ හදාගත යුතුයි නේද? කවුරුවත් දෙනකම් බලාගෙන හිටියොත් අපි හැමදාම එකම තැන. ඒ නිසා අපිම අපේ වේදිකාව හදාගන්නයි මා “අභිනය නර්තන – 8” ප්‍රසංගය ගේන්නේ. මෙහිදී මගේ දරුවන් විවිධ ශෛලින් ඇතුළත් නර්තනාංග 20ක් පමණ ඉදිරිපත් කරනවා. උඩරට, පහතරට, භරත නාට්‍යම් හා නිර්මාණාත්මක නර්තන මෙයට ඇතුළත්.
ඒ වගේම මගෙන් ඉගෙන ගෙන අද ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වී සිටින ආදි ශිෂ්‍යාවන් ද මෙහිදී තම නර්තන දක්ෂතා ඉදිරිපත් කරනවා.
අද ඒ ආදි ශිෂ්‍යාවන් ඉහළ තැන්වල සිටින බව ප්‍රසංගය බලද්දී ඔයාලට දැකගන්න පුළුවන්. දරුවන්ටත්, ආදි ශිෂ්‍යාවන්ටත් තම හැකියාවන් රටට පෙන්වන්න මේ ප්‍රසංගය හොඳ අවස්ථාවක් විදිහටයි මා දකින්නේ. මේ සඳහා දරුවන්ගේ මවුපියන්, මගේ ඇකඩමියේ ගුරුවරියන් ගොඩාක් උදව් කරනවා. ඔවුන්ගේ සහයෝගය ඉතා ඉහළයි. ඒ අයට ස්තුතිය පුද කළ යුතුමයි. ඉතින් හැමෝටම මම ආරාධනා කරනවා නර්තනයේ සුභාවිත පැත්ත හොඳින් දැකගන්න නම් මේ ප්‍රසංගය බලන්න එන්න කියා.”
සමන්ත යහම්පත්