මං පාර කියන්නම්කො..
මීටර දෙසීයක් ඉදිරියට ගමන් කර
වමට හැරෙන්න...
ඉන්පසු මීටර පන්සීයක් ඉදිරියට
ගමන් කරන්න...
මේ විදිහට කියන්නේ මායා...
මායා අපට හමුවන්නේ සිරස ටී වී ඔස්සේ විකාශය කෙරෙන ‘‘රස රහසක්’’ නාට්‍යයේ දඟකාර තරුණියක ලෙසයි..
සංක ගේ ජිවිතයට සමීපව සිටින
මේ මායා..
සැබැවින්ම මායාවක් ද??
මායාවක් මෙන් වූ ඒ චරිතයට
රංගනයෙන් දායක වන්නේ සුහන්දි උපේත්මා වෝෂදී ය..
යොවුන් රංගන ශිල්පිනියක ලෙස තමාටම පනවා ගත් ප්‍රතිපත්ති ඇතිව රංගනයේ යෙදෙන සුහන්දි, ‘‘දෑස මත මොහොතක්’’ නාට්‍යයේ චරිත රංගනයකට එක්ව සිටින්නීය..
නිහතමානී ගති ඇති සුහන්දි.. තමා අඳින පලඳින ඇඳුමේ සිට සීමාවක් යටතේ ජීවිතය ගත කිරීමට රිසි වග සඳහන් කරයි....