රණවිරු ගායන ශිල්පි චරිත් කුලතිලකගේ ‘චරිතාභිනන්දන ගී රසෝඝය’ ඒක පුද්ගල ප්‍රසංගය මේ මස 29 වැනි සෙනසුරාදා සවස 5.30ට මරදාන එල්පින්ස්ටන් රඟහලේ දී පැවැත්වේ. මේ කෙටි කතාබහ ඒ වෙනුවෙනි.
මිහින්තලේ ඉපදී අනුරාධපුර වෙල්ලාරගම ප්‍රාථමික විදුහලෙන් හා ගල්කුලම ධම්මදින්න මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ චරිත් කුලතිලක පාසල් අධ්‍යාපනයෙන් පසු යුද හමුදාවට එක්වන්නේ යුද්ධයේ දරුණුතම කාලසීමාවේදීය. මුහමාලෙයි සටනේදී යුද්ධයේ ජීවිතයේ අමිහිරිම ඛේදවාචකයට ගොදුරුවන චරිත්ට ඒ තුළින් අහිමිවන්නේ තම දකුණු අත මෙන්ම ලෝකයම දුටු දෑසයි.
‘මගේ ජීවිතේ මම මුහුණ පෑ දරුණුතම ඛේදවාකය තමයි යුද්ධයෙන් දෑස් පෙනීම නැතිවිම. මුහමාලෙයි ප්‍රහාරයෙන් පස්සෙ මාව අරගෙන එන්නෙ කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට. විශේෂඥ වෛද්‍ය ගාමිණි ගුණතිලක මහතා ඇතුළු කණ්ඩායම තමයි ආයෙත් මට මේ තත්ත්වයට ජීවත් වෙන්න ප්‍රතිකාර කරන්නේ. එතැනින් සුවපත්වෙලා මම යන්නෙ රණවිරු සෙවනට. එතැනදි මම බොහෝදේවල් තනියම කරගන්න ඉගෙන ගන්නවා.පරිගණක භාවිතය, දුරකථන භාවිතය මේ හැම දෙයක්ම ඉගෙන ගන්නේ එතැනින්’
රණවිරු සෙවණින් ජීවිතය පිළිබඳව නිසි අවබෝධයක් ලබාගන්නා චරිත් ඉන්පසුව අනුරාධපුරයේ අභිමංසලට එකතුවන්නේ තම ජීවිතයේ අලුත් අරමුණු වෙනුවෙනි. ළමා වියේ සිටම ගායනයට දක්ෂතාවක් දැක්වූ චරිත්ට ඒ තුළින් ඉදිරියට යාමට නිසි මග හෙළිවන්නේ අභිමංසල හරහා ය.
එතැනදි තමයි මම රණවිරු රියල් ස්ටාර් තරගය එක්වන්නේ 2013 වසරේදි. මම අවසන් 13 දෙනා අතර දක්වාම ඉදිරිය ට යනවා. මගේ දක්ෂතා එතැනදී හඳුනාගන්නා පණ්ඩිත් අමරදේව ගුරු පියාණන් සහ විමලා අමරදේව මහත්මිය, ප්‍රවිණ සංගීතවේදී සරත් ද අල්විස් මහතා ප්‍රමුඛ ප්‍රවීණ සංගීතවේදීන්, රචකයන් එකතුවී මට ගීත 14ක සංයුක්ත තැටියක් නිර්මාණය කරදෙනවා
‘රණහඬ ඇසුනාවේ’ නමින්. එය මගේ ජීවිතයේ මා ලැබූ විශාලම ජයග්‍රහණයක්’
ඉන්පසු 2018 වසරේ ද ගීත 16ක් අඩංගු සංයුක්ත තැටියක් නිර්මාණය කරන චරිත් ගායන ශිල්පියකු ලෙස ජනාදරයට පත්වන්නේ විවිධ රූපවාහිනි, ගුවන් විදුලි සංගීත වැඩසටහන් තුළට නැතිවම බැරි ගායන ශිල්පියකු ලෙසිනි.
‘පසුකාලීනව මම සංගීතය විෂයක් ලෙස හැදෑරුවා. මේ වෙද්දි ප්‍රවීණ සංගීතවේදිණී දර්ශනි චන්ද්‍රසේන මහත්මිය යටතේ විශාරද විභාගය හදාරනවා. එහි ප්‍රථම විභාගය සමත් වී ඉන්නේ. මධ්‍යම විභාගයට සූදානම් ෙවනවා. මට අවශ්‍ය වන්නේ හැදෑරීම් කර මේ ක්ෂේත්‍රය තුළ හරි ගමනක් යන්නයි’
රණවිරු චරිත් කුලතිලකගේ චරිතාභිනන්දන ගී රසෝඝය ඒක පුද්ගල ප්‍රසංගය පැවැත්නේනේ මේ මස 29 වැනි සෙනසුරාදා සවස 5.30ට එල්පින්ස්ටන් රඟහලේදීය. එහිදී චරිත් ස්වතන්ත්‍ර ගීත 15ක් පමණ ගායනා කරන අතර සංගීතය යුද හමුදා සංගීත කණ්ඩායමෙනි.
ප්‍රසංගය සඳහා යුද හමුදාපතිතුමන් ඇතුළු විශේෂ ආරාධිතයන් රැසක් සහභාගිවනවා. ඒවගේම මෙහි සංවිධාන කටයුතු ස්වේච්ඡාවෙන් ම සිදුකරන්නේ ජොලි කාස්ට් ක්‍රියේෂන්ස් ආයතනයි. ඒවගේම තව බොහෝ පිරිසක් මේ ප්‍රසංගය සඳහා අනුග්‍රහය දැක්වූවා. ඉදිරියේදී සෑම නගරයකම මේ වගේ ප්‍රසංග සංවිධානය කරන්න මගේ අදහසක් තියෙනවා.
සුජිත් ප්‍රසංග