1 වසරට ළමයින් ගන්නා චක්‍රලේඛය වෙනස් කරන්න උපදෙස්


(උපුල් වික්‍රමසිංහ)
පළමු වසරට ළමයින් ඇතුළත් කර ගැනීම සඳහා බලපැවැත්වෙන චක්‍රලේඛය සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.


පාසල්වල පළමු වසරට ඇතුළත් කර ගන්නා ළමයින්ගේ තොරතුරු සහතික කිරීමේ ක්‍රියාවලිය සරල කිරීමත්, දුර මැන ගැනීමේ ක්‍රියාවලියට අදාළව මතුව ඇති ප්‍රායෝගික ගැටලු සඳහා පිළියම් යෙදීමත්, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත ප්‍රකාරව පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා සියලු දරුවන්ගේ තොරතුරු ප්‍රදර්ශනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමත් යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම චක්‍රලේඛය සංශෝධනය කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.


ඒ අනුව පාසල්වල විදුහල්පතිවරුන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන අංශයේ නිලධාරීන් හා මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධ කර ගනිමින් මේ සංශෝධන කටයුතු සිදු කරන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.