ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය කොංග්රස් පක්ෂ සභාපතිනි සෝනියා ගාන්ධි මහත්මිය අතර සාකච්ඡා 23 වැනිදා සන්ධ්‍යාවේ නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේදී පැවැත්විණි.
ඉන්දියාව හා ශ්‍රී ලංකාවට බලපාන ද්විපාර්ශ්වික කරුණු මෙන්ම කලාපීය දේශපාලන හා සමාජීය ප්රවණතාවන් පිළිබඳවත් මෙහිදී අදහස් හුවමාරු කරගැණිනි.
හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං, කොංග්රස් පක්ෂ නියෝජ්‍ය සභාපති රහුල් ගාන්ධි සහ හිටපු අමාත්‍ය ආනන්ද ෂර්මා, කොංග්රස් පක්ෂය වෙනුවෙන් මේ සාකච්ඡාවට එක්වූ අතර, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකා දූත පිරිසට අයත්වූහ.