අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ විශ්‍රාමික ප්‍රජාවටත්


(දයාසීලි ලියනගේ)   

රජයේ සේවයේ යෙදී සිටින ලක්ෂ 14ක පිරිසක් සඳහා ක්‍රියාත්මක වෙන අග්‍රහාර රක්ෂණ ක්‍රමය විශ්‍රාමික රජයේ සේවකයන් සඳහා ද ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා තීරණය කර ඇත.   

අග්‍රහාර රක්ෂණ ක්‍රමය යටතේ රජයේ සේවකයන්ට රෝගී වූ අවස්ථාවල ප්‍රතිකාර සඳහා මුදල් ලබාදීම ඇතුළුව වෙනත් සහන ගණනාවක් ක්‍රියාත්මක වෙයි.   
රජයේ සේවයෙන් විශ්‍රාම ලබා සිටින ලක්ෂ 6කට අධික පිරිසක් සඳහා ද අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලබාදීම පිළිබඳව දැන් සාකච්ඡා ආරම්භ වී ඇතැයි රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිවරයා ප්‍රකාශ කළේය.   


මෙම රක්ෂණ ක්‍රමයෙන් රජයේ සේවකයන්ට ලැබෙන ප්‍රතිලාභ ඒ ආකාරයෙන්ම විශ්‍රාමික රජයේ සේවකයන්ට ද ලබාදීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා කීය.