
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආසියා පදනමේ නියෝජිත පිරිසක් අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුවිය.
ආසියා පදනමේ නියෝජිත පිරිස පිළිගත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාව සමඟ ආසියා පදනම දිගු කලක් පවත්වාගෙන යන හවුල්කාරිත්වය සහ රටේ සංවර්ධන ප්රයත්නයන් සඳහා අඛණ්ඩව ලබාදෙන සහයෝගය පිළිබඳ ප්‍රසාදය පළ කළාය.
මෑතකදී රජය විසින් ගෙන ගිය පියවර සම්බන්ධයෙන් රජයට සුබ පැතුම් එක් කළ ආසියා පදනමේ නියෝජියෝ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සහ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගෙන ඇති පියවර ඇගයීමට ලක් කළහ.
ඩිජිටල්කරණය සහ ඩිජිටල් පරිවර්තනය, කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීම, රැකවරණ ආර්ථිකය, දරිද්‍රතාවය පිටුදැකීම සහ සමාජ ආරක්ෂණය, සමුද්‍රීය ආරක්ෂාව, සමාජ සවිබලගැන්වීම සහ සියලු දෙනා ඇතුළත් සංවර්ධනය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සිය දායකත්වය ලබා දීමට සූදානම් බව ආසියා පදනමේ නියෝජිත පිරිස සඳහන් කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd