අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක පාලන මිල ඉවත් කරයි


(මහින්ද නිශ්ශංක)  

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සඳහා රජය මගින් නියම කර තිබෙන පාලන මිල (උපරිම සිල්ලර මිල) ඉවත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.  

ගැසට් මගින් ඒ ඒ භාණ්ඩ සඳහා නියම කර තිබෙන පාලන මිල ක්‍රියාත්මක කිරීමේදී ගැටුම් පැන නැගීමත් ටෙන්ඩර් කැඳවීම් මගින් භාණ්ඩ මිල දී ගනු ලබන ආයතනවලට පාලන මිල නිසා විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවීම සහ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගගය පහළයාම යන කරුණු සැලකිල්ලට ගෙන පාලන මිල ඉවත් කිරීමට රජයේ අවධානය යොමු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.  


මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා නියම කර තිබෙන පාලන මිල ඉවත් කළ යුතු බවට භාණ්ඩ ආනයනකරුවෝ ද පවසති.  


ලොව කුමන රටක වුවත් භාණ්ඩ සඳහා පාලන මිලක් ක්‍රියාත්මක නොවන බව පවසති. ආනයනකරුවෝ භාණ්ඩ සඳහා පාලන මිලක් ඇති කිරීම වෙනුවට රුපියලේ අගය පාලනය කර ගැනීම අවශ්‍ය බවත් කියා සිටී.  
දැනට සීනි, සහල්, බීලූනු අර්තාපල්, පොල්, මුං ඇට, කඩල, කට්ටා කරවල, උම්බලකඩ, වියළි මිරිස්, කිරිපිටි හා ගෑස් යන භාණ්ඩ සඳහා පාලන මිලක් ක්‍රියාත්මක වෙන අතර පරිප්පු හා සැමන් පාලන මිලෙන් ඉවත් කරනු ලැබීය.