අමාත්‍යංශ හා රජයේ ආයතනවල අනවශ්‍ය උත්සව නතර කරයි


(අජන්ත කුමාර අගලකඩ) 


අමාත්‍යංශවල හා රජයේ සෙසු ආයතනවල අනවශ්‍ය උත්සව සියල්ලම නතර කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම අමාත්‍යංශවලට දැනුම්දී ඇතැයි වාර්තා වේ.  රජයේ මුදල් අනවශ්‍ය කටයුතු සඳහා වැය කිරීම නතර කිරීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි දැන ගන්නට තිබේ.  


මේ අතර නව වසර සඳහා අමාත්‍යංශවලින් දින පොත් හා දින දර්ශන මුද්‍රණය කිරීමද නතර කරන ලෙස ජනාධිපති කාර්යාලය දැනටමත් දැනුම්දී ඇති බව ද වාර්තා වේ.