අවුරුදු සමයේ සහල් මිල පාලනයට තව ටොන් ලක්ෂ 2ක් රටින්


(අජන්ත කුමාර අගලකඩ)
වෙළෙඳපොළේ සහල් මිල ඉහළයාම පාලනය කිරීම සඳහා තවත් සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂ 2ක් පිටරටින් ගෙන්වීමට රජයේ අවධානය යොමුවී ඇත.


ඒ සඳහාවන යෝජනාවක් ඉකුත් අඟහරුවාදා  පැවැති කැබිනට් රැස්වීමට ද ඉදිරිපත් කර තිබූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ළඟ එන උත්සව සමයේ සහල් මිල ඉහළ යා හැකි බැවින් මෙසේ සහල් පිටරටින් ගෙන්වීමට රජය සැලසුම් කර ඇත.


යල කන්නයේ වී අස්වනු අඩුවීමත් නියඟය නිසා වගා පාළුවීමත් හේතුවෙන් සහල් හිඟයක් ඇතිවිය හැකි බැවින් ඊට මුහුණ දීම සඳහා සහල් ආනයනය කළ යුතු බව ඇමැතිවරුන් කිහිප දෙනකුම කැබිනට් රැස්වීමේදී ප්‍රකාශකර ඇත.