(දයාසීලි ලියනගේ)
පළාත් ආණ්ඩුකාරවරයෙක් එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා රජයේ ඉහළ පෙළේ දේශපාලනඥයන් පිරිසක් අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ආණ්ඩුකාරවරයා රජයේ කටයුතු විවේචනය කර ඇති බවට ලැබී ඇති තොරතුරුවලට අනුව ඔහු ඉවත් කිරීමට යන බව වාර්තා වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දක්වා ඇති මෙම ආණ්ඩුකාරවරයා පිළිබඳව අදාළ පළාත් සභාවේ මන්ත්‍රී පිරිසක්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැමිණිලි කර තිබූ බව වාර්තා වේ.
අදාළ ආණ්ඩුකාරවරයාගේ නිල කාලය ඉදිරි මාස කීපයකින් අවසන්වීමට නියමිතව ඇති නිසා එතෙක් ඔහුට තනතුරේ රැඳී සිටීමට ඉඩ දෙනවාද නැතහොත් කල් ඇතිව ඉවත් කරනවාද යන්න පිළිබඳව දැන් සාකච්ඡා වෙමින් පවතින බව දැනගන්නට ඇත.