(අජන්ත කුමාර අගලකඩ)
ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපතිධුර තමන්ට ලබා දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත.
දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපතිධුර දරන ඇතැම් මැති ඇමැතිවරුන් ඒ ඒ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල තීරණ ගන්නා බැවින් තමන්ට අසාධාරණයක් වන බව එම මන්ත්‍රීවරුන් ආණ්ඩුවට පෙන්වා දී ඇත.
මේ අතර ඇතැම් මැති ඇමැතිවරුන් ඒ ඒ දිස්ත්‍රික්කවල සංවර්ධන කටයුතු හා තීන්දු තීරණ ගැනීමේ දී තමන් නොසලකා හරිමින් කටයුතු කරන බවට ද පසුපෙළ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ප්‍රබලයන්ට පැමිණිලි කර ඇත.
තනතුරු නොමැති පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ද ගිය සතියේ හමුවී සිය දුක් ගැනවිලි ඉදිරිපත් කර ඇත.