(දයාසීලි ලියනගේ)
අර්ජුන් ඇලෝසියස් මහතාගේ මුල්‍ය හා මුල්‍ය නොවන වාසි ලබාගත් අය අතර පක්ෂ - විපක්ෂ දේශපාලනඥයන් ආගමික නායකයන්, මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන හිමිකරුවන් කලාකරුවන්, වෛද්‍යවරුන් 50කට ආසන්න පිරිසක් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කරයි.
මෙම පිරිසෙන් 10 දෙනෙක් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු බව නියෝජ්‍ය ඇමැතිවරයා කීය.
මේ අයගෙන් වැඩි දෙනා තම පෞද්ගලික ගිණුම්වලට මුදල් ලබාගෙන ඇති අතර ඇතැමුන් පවුලේ සමීප ඥාතීන්ගේ නම්වලට මුදල් ලබාගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වේ.
පසුගිය රජය කාලයේ පැවැති රාත්‍රි කාර් රේස් තරගවලට අනුග්‍රාහකත්වය ලබාදී ඇත්තේ අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් නිෂ්පාදන ආයතනයකින් බව සඳහන් වේ. මුදල්වලට අමතරව නිවාස, වාහන හා වෙනත් විවිධ අනුග්රහයන් ලබාගෙන ඇති බවද ඔහු කීය.
ප්‍රධාන දිස්ත්‍රික්ක නියෝජනය කරනු ලබන ජනප්‍රිය දේශපාලනඥයන් ගණනාවක් අර්ජුන් ඇලෝසියස් මහතාගේ උදව් උපකාර ලබාගෙන තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.