ඉන්දියාව චීනය හා තායිලන්තය සමග නිදහස් වෙළෙඳ ගිවිසුම්


අංජුල මහික වීරරත්න

රාජ්‍යයන් කිහිපයක් සමග භාණ්ඩ හුවමාරු කර ගැනීම සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට රජය තීන්දු කර ඇත .

ඒ අනුව පළමු වටයේදී ඉන්දියාව, චීනය හා තායිලන්තය සමග නිදහස් වෙ​ෙළඳ ගිවිසුම් අත්සන් කිරීම වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් යෝජනා ඉදිරිපත් කර තිබේ. 


රජය ඉදිරිපත් කළ යෝජනාවට මේ වන විට තායිලන්තය කැමැත්ත පළ කර ඇත. 


ඒ අනුව නිදහස් වෙ​ෙළඳ ගිවිසුම ගැන ජනවාරි 08 හා 09 යන දෙදින මෙරට දී තායිලන්ත රජයේ ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය. එ් වෙනුවෙන් එරට ප්‍රධානීන් මෙරටට පැමිණීමට නියමිතය. 


ඊට අමතරව පසුගිය රජය සමයේ නිදහස් වෙ​ෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර බංග්ලාදේශය සමග වන සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යාමටද රජය තීරණය කර තිබේ. 


බංග්ලාදේශය සමග සාකච්ඡා සූම් තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙන යාමට නියමිතය. 


මේ වන විට පිහිටුවා ඇති ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය හරහා තවදුරටත් නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් කටයුතු කෙරෙනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.