
(අංජුල මහික වීරරත්න)
නව ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, ප්‍රථම වතාවට ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණිය සඳහා තේරී පත් වූ නිලධාරීන් 1,540 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට රජය තීරණය කර තිබේ.
මෙම පත්වීම් ප්‍රදානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට (8)සිදු කෙරෙන බවරාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කරයි.
මෙම පත්වීම් ප්‍රදානය සමඟ දීර්ඝ කාලයක් තිස්සේ ග්‍රාම නිලධාරී සේවයේ පැවති ගැටලු රාශියක් නිරාකරණය කරගැනීමට අවස්ථාව උදා වන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd