සිවාජිලිංගම්ගෙන් චෝදනා
(නිශාන්ත කුමාර බණ්ඩාර)
උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ දී උතුරු - නැගෙනහිර දෙමළ උපාධිධාරීන් අමතක කිරීම කනගාටුවට කරුණක් බව උතුරු පළාත් හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසයි.
සියලු දෙනාටම එකසේ සලකන බව ප්‍රකාශ කරමින් ආණ්ඩුව බලයට පත්වුවත් දැන් වෙනස් මගක ගමන් කරමින් සිටින බව මෙයින් පැහැදිලි වෙන බව ද ඔහු සඳහන් කළේය.
ඒ නිසා උතුරු - නැගෙනහිර දෙමළ උපාධිධාරීන් පිළිබඳව ද රජය මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
වසර 30ක යුද්ධයෙන් බැට කෑ එම උපාධිධාරීන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියි.
මේ අතර ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දී ද උතුරු නැගෙනහිර පළාත්වලට සාධාරණයක් ඉටුවේද යන්න පිළිබඳ ගැටලුවක් මතුවෙන බව ද සිවාජිලිංගම් මහතා පැවසීය.