(දයාසීලි ලියනගේ)
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල කාලය මේ මස 31 වැනිදායින් අවසන් වේ. පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අලුතෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය නම් කළ යුතුව ඇත.
මේ මස අගදී පක්ෂ නායකයා විදේශගතවීමට නියමිතව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ වූවහොත් යළි පත්කරන තුරු කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙන්ම සංවිධායක තනතුරු ද අහෝසි වෙන බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
කෘත්‍යධිකාරී මණ්ඩලය 94 දෙනකුගෙන් සමන්විත වෙන අතර ඉන් 20ක් පත් කරනු ලබන්නේ පක්ෂ නායකයා විසිනි.