(දයාසීලි ලියනගේ)
මැතිවරණ ආඥාපනතින් සියයට 20ක තරුණ අපේක්ෂකත්වයක් මැතිවරණයකදී තිබිය යුතුය යනුවෙන් සඳහන් නීතිය දැන් ඉවත් කර ඇතත්, එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයන් තෝරාපත් කිරීමේ දී සියයට 20ක තරුණ පිරිසක් නියෝජනය වෙන ආකාරයට අපේක්ෂකයන් තෝරා පත්කිරීමට පක්ෂ නායක අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා තීරණය කර ඇත.
දිස්ත්රික්ක මට්ටමින් තරුණ පිරිස් දේශපාලනයෙන් ඉදිරියට ගෙන ඒමට අවස්ථාව සැලසීමක් ලෙස පළාත් පාලන මැතිවරණය සඳහා ද තරුණ නියෝජනය ඉදිරිපත් කරනු ලබන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී කාවින්ද ජයවර්ධන මහතා කීය.
මීට අමතරව අපේක්ෂකයන් තෝරා ගැනීමේ දිස්ත්රික් කමිටුවලට ජාතික යොවුන් පෙරමුණේ නියෝජිතයෙක් බැගින් පත් කිරීමට ද අග්රාමාත්යවරයා තීරණය කර ඇතැයි ද කාවින්ද ජයවර්ධන මහතා ප්රකාශ කළේය.