එජාප වැඩබලන ලේකම් ජනවාරියට පෙර


(දයාසීලි ලියනගේ)  

ලබන ජනවාරි මාසයට පෙර එක්සත් ජාතික පක්ෂය සඳහා වැඩබලන ලේකම්වරයකු පත් කර ගැනීමට නියමිතව ඇත.  පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිලතලවල කාලය මේ මාසයෙන් අවසන්වීමට නියමිතව ඇති අතර දැනට පක්ෂයට ලේකම්වරයකු නොමැති වීමෙන් ලිපි ලේඛන අත්සන් තැබීම ඇතුළු කටයුතු රාශියක් ඉටු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව වාර්තා වේ.  

අකිල විරාජ් කාරියවසම් මහතා ලේකම් තනතුරින් ඉල්ලා අස්වූ පසු මෙතෙක් එම පුරප්පාඩුවට කෙනෙක් නම් කර තිබුණේ නැත. එම තනතුර සඳහා නම් කීපයක් ඉදිරිපත් වී ඇතත් මෙතෙක් අවසන් තීරණයකට එළඹී නැති බව වාර්තා වේ.