එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි


(ඩයනා උදයංගනී)   

ජනමාධ්‍ය ගුරුවරයකු, සන්නිවේදනය පිළිබඳ ප්‍රමාණික විද්වතකු මෙන්ම ද්විභාෂික උගතකු වූ කලාකීර්ති, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත විය.

1922 දෙසැම්බර් 03 වැනි දින ගාල්ල උණවටුනේදී උපත ලද එඩ්වින් ආරියදාස මහතා මියයන විට 99 වැනි වියෙහි පසුවිය. මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ‘ජනමාධ්‍ය’ විෂය හඳුන්වාදීමේ පුරෝගාමිකයකු වූ හෙතෙම මාධ්‍යවේදියකු, ගුරුවරයකු, මාධ්‍ය උපදේශකවරයකු මෙන්ම සිනමා විචාරකයෙක් ද විය.   


 ඔහුගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙනු ඇත.