"අහිංසක ගොවියෝ, ධීවරයෝ, කම්කරුවෝ එදාවේල හම්බ කරන් කන මිනිස්සු ජීවත් වෙන්න විදියක් නැතුව කෝටි 15,000ක කනකර බඩු උගස් තියලා තියෙනවා" යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය ඔහු මේ බව ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුව අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
"බලයට එනකොට ආවේ ගොවියාට උපරිම සහන දෙනවා කියලා. හැබයි අද මොකද්ද වෙලා තියෙන්නේ? ඔබතුමාලා ගොයම් කැපෙන කාලෙට පිටරටින් හාල් ගේනවා. ගොයම් කැපෙන කාලෙට මොන ආණ්ඩුවද පිටරටින් හාල් ගේන්නේ? මෙට්‍රික් ටොන් ලක්ෂ හතරක විතර හාල් ප්‍රමාණයක් පිටරටින් ගේනවා.දැන් කතා කරනවා ගොවියා ආරක්ෂා කරන්න.
කෝටිපතියෝ මේ ආණ්ඩුව දැන් මේ ආශ්‍රය කරන තමන්ගේ හිතවතුන් ව්‍යාපාරිකයෝ ගේ රත්තරන් බඩු නෙවෙයිනේ උකස් තියන්නේ. අහිංසක ගොවියෝ, ධීවරයෝ, කම්කරුවෝ එදාවේල හම්බ කරන් කන මිනිස්සු ජීවත් වෙන්න විදියක් නැතුව කෝටි 15,000ක කනකර බඩු උගස් තියලා තියෙනවා.
IMF එකෙන් මේ මහ ලොකුවට පහුගිය දවසේ මම දැක්කා උජාරුවට කියනවා ඩොලර් මිලියන 250ක් 300ක් හම්බවුනා කියලා.
ඒ වගේ දෙගුණයක්, හම්බන්තොට වරාය හදන්න ගියා වගේ ප්‍රමාණයෙන් භාගයක්, ඩොලර් මිලියන 500කට ආසන්න ප්‍රමාණයක් කනකර බඩු උගස් තියලා තියෙනවා. IMF එක අපිට ගියපාර තිබ්බ වාරිකය වගේ දෙගුණයක් වටිනාකමක් කනකර බඩු උගස් තියලා මේ රටේ අහිංසක මිනිස්සු. අද ආණ්ඩුව කතා කරනවා මේ මේ ගොවියා ආරක්ෂා කරන්න."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd