(සමන්තිකා මාධවි)
ගිවිසුම් ගතවීමට නියමිතව තිබූ ආයෝජන දොළහක් ඉකුත් වසර තුළදී රටට අහිමි වී ගොස් ඇතැයි වාර්තා වේ. රට තුළ වරින්වර ඇති වූ උද්ඝෝෂණ, කලහකාරි සිදුවීම් සහ යම් යම් දේශපාලන අස්ථාවරවීම් ආදිය හේතු කොටගෙන මෙම ආයෝජන රටට අහිමි වී ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
ඊට අමතරව මෙම වසර ආරම්භයේදී ද මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටි ආයෝජන රැසක් මෙම හේතූන් නිසාම මඟහැරී ගොස් ඇති බව ද උපුල් ජයසූරිය මහතා සඳහන් කළේය. එම ආයෝජන අහිමිවීම් හරහා රැකියා අවස්ථා දස දහසක පමණ ප්‍රමාණයක් ද අහිමි වී ගොස් ඇතැයි සැළකේ.
ආයෝජකයන් අතර විශ්වාසය ගොඩනැගෙන ලෙස කටයුතු කර ඔවුන් රට තුළ රඳවා ගැනීමේ ක්‍රමවේදයක් මේ සඳහා අවශ්‍ය බව ද උපුල් ජයසූරිය මහතා සඳහන් කළේය.