එල්ටීටීඊ රැඳවියන් ගැන තීරණය ලබන සතියේ ?


(නිශාන්ත කුමාර බණ්ඩාර) 

දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කරන්නේ ද? නැතිනම් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කරන්නේ ද? යන්න පිළිබඳ ලබන සතියේ තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. 

මේ සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂනායක ආර්. සම්බන්ධන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරු අතර පසුගියද‌ා විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. 
එම සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වී ඇතැයි ආරංචි මාර්ග පවසයි. 


මේ නිසා නැවත වරක් ජනාධිපති, අගමැති, අධිකරණ ඇමැතිනිය හා නීතිපතිවරයා අතර සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වීමට නියමිතයි. 


ඔවුන් නිදහස් කරන්නේ කුමන පදනමක් යටතේ ද, ඔවුන්ට එරෙහිව ඇති චෝදනා මොනවා ද, ඔවුන් නිදහස් කිරීමේ නීතිමය හැකියාව පිළිබඳ පසුගියද‌ා පැවැති සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබේ.