(දයාසීලි ලියනගේ)
රාත්‍රි 10.00 දක්වා මත්පැන් අලෙවිසල් විවෘත කර තැබීමට හා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට හැකියාව ලබාදෙමින් ඇමැති මංගල සමරවීර මහතා නිකුත් කරන ලද ගැසට් නිවේදනය පිළිබඳව ගිය සතියේ කැබිනට් මණ්ඩලයේදීද ඇමැතිවරුන් ගණනාවක් අදහස් දක්වමින් විරෝධය පළකර තිබෙන බව වාර්තා වේ.
මෙහිදී සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ යුරෝපයට ගැලපෙන තීරණ ශ්‍රී ලංකාවට නොගැලපෙන බවයි. යහපාලන රජය බිහිවූයේ මතින් තොර රටක් නිර්මාණය කිරීමට නිසා මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීම අනවශ්‍ය දෙයක් බවයි.
ඇමැති දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන්ද මෙම ගැසට් නිවේදනයට විරෝධය දක්වන බවයි.
ඇමැති චම්පික රණවක මහතා ප්‍රකාශ කර ඇත්තේ තීන්දු තීරණ ගැනීමේදී පරෙස්සම් විය යුතු බවයි. ඇතැම් තීන්දු තීරණවලදී විනාශයක් වෙන බව ප්‍රකාශ කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ මෙම තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි.
මෙහිදී ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙය ගෝත්‍රික තීන්දුවක් වුවත් එයට හිස නමන බවයි.