කොරෝනා අවද‌ානම අවසන් නෑ


විශේෂඥ වෛද්‍ය  සුදත් සමරවීර

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

කොවිඩ් වසංගතය ගෝලීය වශයෙන් අවසන් වී නොමැති නිසා ලංකාව තුළත් ඒ අවද‌ානම අවසන් වී නැතැයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.  

කොයි මොහොතක හෝ රෝග ආසාදනය වූවන් සමාජය තුළින් යළි මතුවීමේ අවද‌ානමක් ඇති නිසා ඒ පිළිබඳව ජනතාව අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් බව ඔහු පෙන්වා දෙයි.  
රෝග ආසාදිත වූවන් සිටී ද යන්න පිළිබඳව දිනපතා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙන බවත් අතහැරුණු රෝගියකු ඒ අතර සිටීමට ඉඩ ඇතැයි හෙතෙම සඳහන් කරයි.  


මේ නිසා ජනතාව නිරන්තරයෙන් දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස සලකා කටයුතු කළ යුතුයි.  


රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාවගෙන් ලැබෙන සහාය නොකඩවාම සිදුකළ යුතු වෙයි.  


දැනට දෙවැනි රැල්ලක් ලෙස මතු වූ කන්දකාඩු ආසාදිතයන් පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.  


යම් හෙයකින් සැඟවුණු රෝගියකු ඒ අතර සිටියහොත් රෝගය යළි පැතිරීමේ අවද‌ානමක් ඇතැයි ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.