ලෝක සෞඛ්‍ය සංවිධානය සැක පළ කරයි
(දයාසීලි ලියනගේ)
කොරෝනා මර්දනයට එන්නතක් හඳුන්වා දුන්නත් යළි කොරෝනා රෝගය වැළඳිය හැකි බවට අවිනිශ්චිත තත්ත්වයක් පවතින්නේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සැක පළ කර ඇති නිසා දැන් කළ යුතුව ඇත්තේ හැකිතාක් දුරට ජනතාවගේ ප්‍රතිශක්තිය හොඳ මට්ටමක පවත්වා ගෙන යාම හා බෝ නොවන රෝගවලින් බේරා ගැනීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කියයි.
මේ තත්ත්වයට මුහුණ දීම සඳහා ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් පුළුල් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබන සතියේ ඉදිරිපත් කරන බවද විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතා ප්‍රකාශ කළේය.
ග්‍රාම සේවා වසම් මට්ටමින් ජනතාවගේ ප්‍රතිශක්තිකරණ වැඩි දියුණු කිරීමේ එක් පියවරක් වශයෙන් විවිධ අංශවලින් දත්ත ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු කීය.
මත්ද්‍රව්‍ය හා දුම්වැටි පාවිච්චිය, ආහාර රටාව, ගෙවතු වගාව, ව්‍යායාම, ආගමික නැඹුරුව, බෝ නොවන රෝගවලින් පෙලීම යනාදී වශයෙන් කරුණු රාශියක් පිළිබඳව තොරතුරු රැස් කිරීම පළමු පියවර යටතේ සැලසුම් කර තිබෙන බව ද ඔහු සඳහන් කළේය.