රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
(දයාසීලි ලියනගේ)
රට පුරා කොරෝනා උපපොකුරු බිහි වීමේ අවදානම වැඩි වෙමින් පවතින නිසා එය වළක්වා ගැනීමට රෝගය ප්රබලව පවතින ප්‍රදේශවල හා අනෙකුත් ප්‍රදේශවල ජනතාව උදෙසා වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි මාර්ගෝපදේශ ක්‍රියාවලියක් සකස් කළ යුතු බව රජයේ වෛදවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
ඒ යටතේ සංචරණ සීමා දැඩි කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් යෝජනා කර ඇතැයි එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.
මීට අමතරව පී.සී.ආර්. උපකරණ අමතර තොග ලක්ෂයක් ගබඩා කරගත යුතු බව ද පෙන්වා දී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයුම් මධ්‍යස්ථානය සක්‍රියව ක්‍රියාත්මක විය යුතු බව ගිය සතියේ පැවැති සාකච්ඡාවේදී පෙන්වා දුන් බව ද වෛද්‍ය සොයිසා මහතා ප්‍රකාශ කළේය.