කොරෝනා රෝගීන් 21000 ඉක්මවයි


මරණ 99යි

බන්ධනාගාර පොකුර 800ට ළඟයි

​(දයාසීලි ලියනගේ)

කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව පසුගිය සිකුරාදා ​ෙවනවිට 21700 ඉක්මවා තිබුණි.
මෙයින් සුවපත් වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 15816ක් බව වාර්තා වේ. මියගිය ගණන 99කි.

මේ වනවිට බන්ධනාගාර පොකුර 790 ක් දක්වා වැඩි වී ඇති අතර රැඳවියෝ 743 ක් හා නිලධාරීහු 47ක් සිටිති.
පොලිස් පොකුර 1096 දක්වා වැඩිවී ඇති අතර පොලිස් ස්ථාන 78ක නිලධාරීන් මෙලෙස ආසාදිත වී සිටිති.
මේ අතර ගිය සති​යේදී අලුත්ම කොරෝනා රැල්ලක් බිහිවී ඇති අතර ඒ සිනමා රැල්ලයි. සිනමාවට සම්බන්ධ 20ක් කොරෝනා ආසාදිතයන් වී ඇති බව සඳහන් වේ.