රාජගිරිය ප්‍රදේශයේදී පසුගිය 2016 වසරේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ එම අවස්ථාවේ රිය පැදවූ බව කියන තුසිත කුමාර නැමැත්තාට විදේශගතවීම තහනම් කරමින් අලූත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා (13) තහනම් නියෝගයක් නිකුත් කළේය.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසය කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.අදාළ නියෝගය ආගමන විගමන පාලකවරයාට ද දැනුම් දී තිබේ. රාජගිරිය සරණපාර ප්‍රදේශයේදී 2016 මාර්තු මාසයේ දී පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථයකට යතුරු පැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන්කළ සන්දීප් සම්පත් නමැති තරුණයෙක් බරපතළ තුවාල ලැබීයයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරික්ෂණ මත මෙම නියෝගය කර ඇත.
එහිදී ඔහු සමඟ සිටි තරුණයකු අනතුර සිදු කළ රථය ලූහුබැඳගොස් නතර කර ගෙන තිබූ අතර අදාළ තරුණයා පොලීසියට පවසා තිබුණේ එම අවස්ථාවේ රථය පදවූයේ එවක කැබිනට් අමාත්‍යවරයකු වූ පාඨලී චම්පික රණවක මහතා බවට පරික්ෂණවල සඳහන් වෙතැයි පැවසෙයි.
එම තරුණයා එසේ පැවසූවද අනතුර සිදු කළ රථයේ රියදුරු ලෙස බොරැල්ල පොලීසියට බාර වූයේ හිටපු අමාත්‍යවරයාගේ රියදුරෙකු වූ තුසිත කුමාර නමැති අයකු බවද පරික්ෂණවලින් පැවසෙන බව කියැවේ.
පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ හා අනතුර සිදුවූ අවස්ථාවේ රථය පැදවූ බව කියන පුද්ගලයාගේ විදෙස්ගමන් තහනම් කරන ලෙසයි.
ඒ අනුව කරුණු සලකා බැලූ මසේත්රාත්වරයා පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ හා අනතුර සිදුවූ අවස්ථාවේ රථය පැදවූ බව කියන පුද්ගලයාගේ විදෙස්ගමන් තහනම් කළේය.