(නිශාන්ත කුමාර බණ්ඩාර)
ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සංෙශා්ධනය කිරීම සඳහා වූ යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
සෑම වසරකම ජූනි 1 වැනිදා ඡන්දදායකයන් ලියාපදිංචි කිරීම සිදුවෙන අතර, ජූනි 2 වැනිදා ලියාපදිංචි වෙන අයට මැතිවරණයේදී ඡන්දය දීමට බලය පැවරෙන්නේ ඊළඟ වසරේදීය.
මෙය ඉතා අසාධාරණ ක්‍රියාවක් බවත්, මැතිවරණ නීති රීති සංශෝධනය කළ යුතු බවත් සඳහන් කරමින් ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට සංශෝධනයක් ඉදිරිපත් කර තිබේ. ජූනි මාසය තුළ උපදින හා ලියාපදිංචි වෙන අයට ඡන්ද බලය හිමි විය යුතු බවට ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර තිබේ.
මේ අනුව ඉදිරියේදී මැතිවරණ ක්‍රියාදාමය සංශෝධනය කළ යුතු බව ද යෝජනා විය.